Monday, February 27, 2017

කතරේ රියදුරු


දිය බිදක් නෙත නොනැගෙටෙන
හැර මිරිගුවක,
නවතා දිවි රකිනා අවිය
හාරන කර්කශ මහ පොලව,
සැගවෙති එය යටම
බේරෙන්නට හිරුගෙන් එන අවු හී සැරෙන්,
මදකට ගියොත්  ඉදිරියට වාහනයේ සක,

නොහැකිය රකින්නට මිහිපිට කිසි දෙවියෙකුට.


Sunday, February 12, 2017

මමී


මවක් විය මා පියා                                      හට
'මමී' විය ගම්තුලානේ නැ නොනැ හැම                 හට
කුදුවි නිසා වැටි අපේ ගේ ඉස්සරහ                  පිට
යයි සැම තැන ගාටමින් හිම්                              හිට

ඉපදුනේ දකුණේ                                   අම්බලංගොඩ
දිවි ගෙවුනි දුවේතිනිය’ නුදුරුව මුහුදු                              බඩ
පෙර පැමිනුමට නිවසට නිමකෙරුව                         අඩ
පිහිටිය නුදුරුව බෝමිරියේ මන්ඩියට                       කඩ

විසුවේ සිය ලොකු පුතු                                   සමගින්ය
ඒ නිවසේ සැම දිනකම නැ සියෝ                           පිරිලාය
ලබමින් සැමගේ ආදර බර                                ගෞරවය
සිටියා එනතුරු ලොකු පුතුගේ නොපැතු                මාරකය

මරණෙන් පසු නොසිතපු කිසි                                       විටෙක
විසුවේ සමගින් පොඩි පුතු හා දෙවනුව                      දියනියක
නොමැති වුවද ඇය හට නිශ්චිත                             ආදායමක
ලැබුනා මුදල් සැමගෙන් හැදු නොමැතිව කිසි         වෙනෙසක

ලැබුණ මුදල් ගන්නට ඇගේ                                         අඩුපාඩු
හංගන්නේ අස්සෙයි ඇගේ කාමරයේ                                  බඩු
ගනිනවා දින ගණන මා එන්නට අඩු                                  පාඩු
දෙන්නේ මුදලින් සියයක්  සමග ආදරයද                      නොඅඩු

හමුවන විට පාට කුරු අමදිනවිට ඒ                                 නිවස
දුටුවද රුප කොල පැටලුනු                                         කොස්ස
මේ හැම යන්නේ ඇද අස්සට මම එනතුරු මාසේ         අග්ගිස්ස
කිසිවකුට නොපෙනි දෙනවා සමගම ඇගේ ආදර       සෙනෙහස

නොදුටුවද ඇය මා ගණනක්                                            මාස
නොහැකි නිසා යන්නට ඇ බලනට                                   ආස
දුටුවිට ඇ අවසන් වර සැරසි සුදු සාරියෙන්                          යස
වැටුනා කදුලු බිංදුව මත මලගේ තණ                             බිස්ස


Tuesday, January 10, 2017

ලොතරැයිය

විමලක්කේ,විමලක්කේ...........  ටොපි ගෙදර සුසිලාගේ කැ මොරදිමෙන් තැති ගත් නින්දේ සිටි විමලාඇදවුන් කඩමල්ල උඩින් චිත්තයක් දවටාගෙන හනික දිව ආවාය.

ඇයි සුසිලක්කේමුකුත් කරදරයක්වත්ද?

අක්කේඅන්න උඹේ පොඩි එකා ඉස්කොලේ අඹ ගහෙන් වැටිලාඉස්පිරිතාලේ ගෙනිහින්ලුපලතුරු නැන්දගේ ලොකු එකා අතේ තමයි ඉස්කොලේ අමරා ටිච පණිවිඩේ එවලා තියෙන්නේ මෙහාට ඇවිත් දෙතුන් වංගියන් කැමොරදිලා කවුරුත් නැතෙයි කියලා හිතාගෙන් යන්න යනකොට තමයි මට මගදි මුලිච්චි වෙලා විස්තරේ කිවුවේ.

එය කන වැකුණු විමලාට තමන්ගේ සර්වාංගය හරහා අකුණක් ගලා යන්නා සේ දැනුණිපියදාසවිමලා අතහැර වෙන දිගයක ගියදා පටන්විමලා තමන්ගේ දරු දෙදෙනා බලාගත්තේ සිය දැස් දෙක මෙනි.
කොතරම් අගහිග කම් තිබුණද ගමනක් යන විටපොල් ලෙලි තලා හමිබකරගත් මුදලින් ගත් පවුඩර් ටිකක් ගා පිලිවෙලට කොන්ඩය පිරා යන විමලාවතිඅද පාරට බැස්සේ පිස්සියක මෙනි.

විමලාසුසිලා සමග 10 කණුව බස් නැවතුම්පලට පැමිණෙන විටම ඇතින් ' සුදු පුතාබස්රථය සුපුරුදු ගමනින්ම ආවද එය සෙමින් සෙමින් එන ලෙස විමලාට දැනුනි.
රෝහල හංදියෙන් බැසරෝහල වෙත දිවගිය විමලාට ලමා වාට්ටුවේ ඇදක් මත වැතිර සිටින පුතාගේ තෙත් බර නෙත් යුගල දකිද්දිම කදුලු කැට කඩා වැටුනේ  තුලවු අපරිමිත් දරු සෙනෙහස නිසාවෙනි.
 අනේ මගේ පුතේඋඹට මොකද මේඋනේසුදු බැන්ඩේජ් වලින් වෙලා ඇති වම් කකුල දෙස බැලු විමලා ඇසිය.

අම්මේඅපි වරකා ගෙඩියක් තියෙනවා දැකලා ඒක කඩමු කියල කතාවුනාපස්සේ මම ගහට නගිනකොට තමයි කකුල ලිස්සලා ගිහින් වැටුනේ.
තාත්තත් නැතිව මම කොච්චර අමාරුවෙන්ද උබලව බලාගන්නේ මයේ පුතේඇයි ඔය  වගේ අනතුරුදායක දේවල් කරන්න ගියේදැන් බලන්න වෙලා තියෙන දේකමක් නැ පුතේ පත්තිණි මැණි පිහිටෙන් මයෙ පුතාට ඉක්මනට හොද වෙවි.

විමලක්කේඅපි යමුද දොස්තර මහත්තයා මුනගැහිලා ලමයගේ තත්වේ ගැන දැනගන්න.

මහත්තයෝමම අර ලමා වාට්ටුවේ 12 ඇදේ ඉන්න ලෙඩාගේ අම්මාකොහොමද මහත්තයෝ මයෙ පුතාට දැන්.

අපි මුලික  ප්රතිකාර ඔක්කොම කරලා තියෙන්නේ හැබැයි ලමයගේ කකුලට ඇතුලින් ගොඩක් හානි වෙලා තියෙනවාලමයාගේ කකුල බෙරගන්න නම් ඔපරේෂන් එකක් කරන්න වෙනවා ඉක්මනින්මමහ ඉස්පිරිතාලෙන් කරන්න පුලුවන් නොමිලේම,ඒත් දැනට තියෙන ලිස්ට් එකට අනුව තව මාස 8කින් පස්සෙ දිනයක් තමා දෙන්න වෙන්නේ.
ඔපරේෂන් එක මාස 6 වඩා පරක්කු කරන්න හොද නැඑහෙම උනොත් කකුල අයින් කරන්න වෙන්න පුලුවන්.
අනේ මගේ පුතා........ වෙදයතුමාගේ කාමරයේ උලුවස්ස  විමලාගේ බර දරාගත්තේය.
මහත්තයෝ කියක් යාවිද මෙක ප්රයිවට් තැනකින් කරන්න ගියොත්?
අම්මේලක්ශ දෙකක් විතර යාවි සම්පුර්ණ වියදම.

දවසට රුපියක් හයසියක පඩියකට පොල් ලෙලි තලා ජිවිතය ගැට ගහ ගන්නා විමලාට සණ්ස බංකුවේ පොතේ ඇති රුපියල් දහ දහා හැරුනුවිට වෙනත් වත්කමක් නැත.
එහෙත් විමලා ඇතුලු මෙලොව බොහොමයක් අම්මලාට පොදුවු දරු කැක්කුම යන මහානර්ඝ වත්කම  සතුව අඩුවක් නැතිව තිබුණි.

අම්මේමෙන්න මේ බෙහෙත අපේ ඩිස්පැන්සරියේ ඉවර වෙලාමේකට වැඩි ගානක් යන් නැමේක හෙට උදේ එනකොට අරගෙන එන්න.
දොස්තර මහත්තයා දුන් තුණ්දුව ගුලි කරගත් විමලා නැවත් වාට්ටුවට පැමිණියේ කයින් පමණක්යඇගේ සිත ගියේ කොහෙදැයි ඇද නොදනිකොහේ ගියත්  ගියේ ලක්ශ දෙක සෙවිමේ මගක් සෙවිමට යන්න විශේෂයෙන් කිව යුතු නොවේ.

රත්තරනේමම ගිහින් හෙට උදෙන්ම එන්නම් පුතාට කන්න ඉදිආප්පත් අරගෙනම.

එසේ රෝහලෙන් නික්මිනු විමලා කෙලින්ම ගියේ ෆාමසිය වෙතයි.

අද අදිනවා මහජන සම්පතජය මල්ල රුපියල් කොටියයි.....

ෆාමසියට යාබදව පිහිටි ලොතරැයි කුඩුවේ ශබ්ද විකාශන යන්ත්රයේ ගොඩ හැඩි හඩ එතනින් යන විමලාට වෙනදා කරදරයක් වුවද අද එසේ නොවිය.

මහත්තයාමෙන්න මේ තුන්ඩුවේ ලියලා තියන බෙහෙත තියේද?
මේක නම් ඉවරයිගෙන්න ගිහින් තියෙන්නේ,  අද රැ 7-8 වෙනකොට ගෙනෙවි.
දොස්ත් මහත්තයා හෙට උදේ එනකොට ගෙන්න කිව්වාඋදේට කොල්ලාට දෙන්න ඔනි කියලාඅනිවාර්යෙන්ම හෙට උදේට මට ගන්න පුලුවන් වෙවිද බෙහෙත?
ඔවුකොකටත් මම දෙන නම්බරේට කොල් එකක් දිලාම එන්නකෝඖෂධවේදියා  දෙන අංකය කියා ගන්නට කඩදාසි කැල්ලක් නොමැතිව වට පිට බැලු විමලාපාරේ වැටි තිබු ලොතරැයියක් දැකඑයගෙන අංකය එහි ලියා ගත්තාය.

හනික ගොසඅද්දන්න ඔන්න මෙන්න තිබු 698 හෝමාගම බස් රියේකොන්දොස්තරගේ 'රායිට් යාං....' විධානයට පෙර විමලා හා සුසිලා එල්ලුනෝය.

 10 කණුව ලගින් බැස සමගි මාවතේ පියනගිත්ම මුලින්ම මුණගැසුනේ අන්නාසි වත්තේ අශෝකායවිමලක්කේ මොකො බං මේ උනා කියන වින්නැහිය?

අශෝකාටද,  ඉන් පසුව මුනගැසුනු සියලු දෙනාටද කතාව සම්පුර්ණයෙන්ම කිවේ සිත සැහැල්ලු කරගැන්මටම නොවුවද ඒතුලින් සිත සැහැල්ලු වුවා පමණක් නොවඔවුන්ගේ දිරි ගැන්විම් තුලින් ඇය වඩා ශක්තිමත් වුවාය තනිවි නැතිබව ඇට තෙරුම් ගියාය.

වෙනදා බසයෙන් බැස විනාඩි පහෙන් ගෙදරට එන විමලාටඅද ඒගමන එන්නට පැය එකකුත් විනාඩි තිහක් ගතවියවෙනදා නකුට වනාගෙන එන ෂැගියාගේ හිස අතගා එන විමලාගේ වෙනස ඌටද හොදින් දැනුනි.
දොර අගුල හැර 'බරාස්ගා විවර කල දොර නොවසාම විමලා කාමරයට ගොඩ පැදුර මත දිගාවිය.
 තහඩුවේ හිල් වලට උඩින් පෙනෙන විවිධ වර්ණ ඉටි රෙදි වෙනුවට විමලාට අද පෙනුනේ පොල් මෝලේ මුදලාලිවලවුනේ හාමා හා පොලි මුදලාලි වැන්නවුන්ගේ මුහුණුයතමන්ගේ කොලුවාගේ පියාගේ මුහුණ මැවි නොපෙනි ගියේ ලක්ශ දෙකක් තියා රුපියල් දෙදහසක්වත් දෙන්න ඔහුට වත්කමක් නොමැති බව විමලා හොදින් දන්නා නිසාවෙනි.

කුසට අහරක් නොගෙනම  සා විශාල මුදලක් කෙසේදැයි සිතමින් නින්දට ගිය විමලා හදිසියේ අවදිවුනේ පුතා සිහිනෙන් දැකිමෙනිඑසේ අවදිවු විමලාට ෆාමසියේ මහත්තයාට දුරකථන ඇමතුමක් ගන්නට අල්ලපු ගෙදරට යන්නටසිය පසුම්බියෙන් දුරකතන අංකය ලියු ලොතරැයිය ගත්තාය.

පිටත් වෙන්න සුදානම් වෙනවිටම කැමොර දුන් හුනෙකු නිසාවෙන්  ගමන මදක් පමා කලාය අවසරයෙන් වැර්ලක් එකෙ දැමු විමලා  වේවැල් පුටුවේ වේවැල් වෙනුවට දමාතිබු ලැල්ල උඩින් ඉද ගත්තාය.

අද ජයග්රහි අංක මෙසේයිඅංක 12, 45,23,25,46

දුරකතන අංකය දෙස බැලු විමලාට ඉට පහලින් ඇති ලොතරැයි අංක ජායාවක් මෙන් පෙනුනිවැර්ලසයේ ජය අංක කියද්දි එම අංක ලොතරැයියේ අංක හා සමානකමක් ඇයට දැනුනි.

එහෙයින් ඇය නැවතත් විමසිලිමත්ව අංක දෙස බැලුවාය,

'අපි නැවතත් කියනවනවා ජය අංකයන්අංක 12, 45,23,25,46'

පරිඝණක නිලවාර්ථාවට අනුව අද රුපියල් කෝටියක සුපිරි ජය මල්ල දිනා තිබෙනා මිරිගම ප්රදේශයෙන් අලෙවි වු ටිකට් පතකින්.

ඒත් මේම මම බිම තිබිල අහුල ගත්තේමේක පරණ ටිකට් එකක වෙන්න ඇති.

අනේ දෙවියනේ!!!! 
මේක මේ අද දිනුම් ඇදපු ටිකට් එක නේද කියන්නේ ජය මල්ලේ හිමි කාරයා මම!!!


Thursday, June 16, 2016

සුනාපරන්ත කටාරයේ තතු…

 තණකොල ගසක්වත් නොවැඩෙන මහ                     පොලව
කතරක්ය මේ දිවයින පවතින, මේ                            ලොව
වසරකට දින තුන සතරකි වැටෙන්නේ වැස්ස                  නව
නැතිදෝ බලන්නේ දෙවියනි, දෙස මේ                                 දිව

ගැබුරට කණිනවිට මේ කර්කශ මහ                                      පොලව
මතුවේ තෙල්, ගැස් සම්පත අඩු                                              නැතිව
සොයයි ආදායම තෙල්, ගැස් සම්පත පටවා විදෙස් රට                            තව
ගැස් ආදායමයි පලමු තැන මෙහි, වැටුනද තෙල                       දෙවනුව

කර්කශ පොලව මත අතුරා සරුම                                        පස
එය තුල සිටුවා තණ, වැල් හා විවිධ                                     ගස
යොදනවා අසුචි වලින් උකහා ගත් ජලය, හරි අගේට                 යස
ඒවා දුටුවිට නොම සිතේ මෙය කතරක්ය,නොමැති                       ගස

එක් සෘතුවක, දහවල නගිනවා උණුසුම සෙල්සියස් පනහටත්                                        උඩ
දැනෙන්නේ සිටිනා ලෙසයි රත්වු තැටිය                                                                   උඩ
තව සෘතුවක, ගොම්මන උණුසුම දැනෙන්නෙම නැ සෙල්සියස් පහලෝවෙන්                           උඩ
දැනෙයි අපි ඉන්නේ සිතල නුවර එලියේ,ලක්දිව රටේ                                                   උඩ

සියොලගම වසා යන එන සැම තැනම                            යති
මුහුණු වැස්ම  උස්ස උස්ස අහර                                   ගති
කලු හැර වෙන පැහැ ඇදුම් නැත, උන්ගේ                    ගති
 පිරිමින් තරම් නැතද, මේ දිව කතුන් සැහෙන්න                වෙති
  
රාමසාන් යනු මේදිව                                                              අවුරුද්ද
උපවාස කරයි මුසල්මානු රට වැසියන් අහර                                    නුබුද
ලක්දිව එකෙන් සිටියා සිපිරිගේ රාමසාන් කල ප්රසිද්ධියේ අහර              බුද
සමරයි රට වැසි රාමසාන්  නොඇසුනත් හේවිසි                                 නද

නිති රිති දරුණුම නැ සෞදි                                                             වගේ
එනමුත් ලිහිලුත් නැ ඩුබායි                                                             වගේ
නිදහස ඇතත් අදහන්න ආගම                                                        මගේ
නැත තවමත් පන්සලක් යන්නට, ඔබ කිතු පල්ලි යනවා                                වගේ