Sunday, October 26, 2008

ආරම්භය දැන ගන්න මම උනන්දු ඇයි?

සාමානය පෙළ දි තිකොණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියලා ගුරුතුමා ඉගැන්වුවා. එක සාදනය කලේ සරල රේකාවක පිහිටි බද්ද කොණ වල එකතුව අංශක 180යි කියන පමේයය යොදාගෙන.
ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 නිසා ලු , සරල රේකාවක පිහිටි බද්ද කොණ වල එකතුව අංශක 180යි කියල කියන්නේ.
ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 යි කියන මුලය නිසා තමයි තිකොණයක කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්නේ. අපි පමේයක් සාදනය කරනකොට ලියන පියවරවලට හේතු ලියන්න කියල ගුරුතුමා අපිට ඉගැන්වුවා. හැබැයි මුලය, ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360 කියන එකට හේතුවක් ඉගැන්වුයේ නැත්තේ ගුරුතුමාත් එක නොදන්න නිසා විය යුතුයි. ගුරුතුමා විතරක් නෙමේ ඒ දැනුම සොයාගත්තු අයටත් එකට හේතුවක් නැතුව ඇති.
නලින් ද සිල්වා මහාචාර්ය තුමා කියන ආකාරයට බටහිර ගණිතයහි සංකල්ප වැලක එක් සංකල්පයක් ඉට කලින් ඇති තවත් සංකල්පයකින් විස්තරකෙරෙන නමුත් මුලය විස්තර කෙරෙන්නේ නෑ.
මුලය නැති උනොත් ඔක්කොම අවසානයි.හරියට දෙවියන් වහන්සේ නැතිවුනොත් කස්තියානි, මුස්ලිම් ආගම්වල සියලුදේ නැතිවෙනවා වගේ.
කස්තියානි (Christian) ආගමේ අනුභාශයෙන් බිහිවු, මම ඔබ ඉගෙනගත් බටහිර ගණිතය, විදයාවන්හි බොහෝ දේ එක රේකිය වේ. එනම් යම් මුලයකින් ආරම්භවි ඉදිරියට ගලා යයි.
පරිණාමවාදය, මහා පිපුරුමිවාදය ඒ සදහා හොද උදාහරණ. ඒ විදයාවන් ඉගෙනගත් අපි හැම විටම උත්සාහ කරන්නේ මුලය හොයන්න. මුලයන් පටන් ගෙන ඉදිරිය ගැන තෙරුම් ගන්න.
හැබැයි කස්තියානි ආගමේ අනුභාශයෙන් බිහිවු විදයාවන් ඉගෙනගෙන ඉහලට ගියාට අපි හැදි වැඩුනු බෞද්ද සමාජයේ එන රේඛිය නොවු හේතුපල වාදය වැනි චක්රිය දර්මතාවයන් අමතක කරන්න බැ.
ඒකනිසා මුල සොයන්න උනනදු වෙන අතරම අගක් මුලක් නැති දේවලුත් මේ ලොකයේ තිබෙනබව සිතේතබා ගෙන කටයුතු කරන්න ඔනේ.


To view in PDF format:Click

3 comments:

  1. හැම දෙයකම ඇරඹුම සෙවීම, බටහිර චින්තනයේ විධිය. නමුත් කිසි දෙයක නැහැ. කාලයේ ඇරඹුම ඇත්තේ කොතනද? එය නැහැ......

    ReplyDelete
  2. මේ සරල රේඛාව වටේ කෝණය 360 කියන එක සාපේක්ෂව බෙදල ගත්ත එකක් නේද? ඒක 500 හෝ 100 හෝ 1000 වගේ එකක් නොවී 360ක් වුණේ ඇයිද කියල නම් මමත් දන්නෙ නෑ. නමුත් බටහිර හෝ වෙනයම් ඕනම විද්‍යාවක් උපකල්පන සහ සලකන අවස්ථාවන් විතරක් අරගෙන තමයි මතවාද සහ න්‍යායන් ගොඩනගන්නෙ නේද?

    ReplyDelete
  3. ඔවු. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 කියන 1ක පැහැදිලි වෙන්නේ කඩදාසියක අදින කුඩා ත්‍රිකෝණයකට කියන විශේශ අවස්තාවටයි. එහෙත් කිසිවෙකු විශාල ත්‍රිකෝණයකට ( කදු තුනක මුදුන් යාකරල අදින ත්‍රිකෝණයකට ) සතය බව පෙන්වල නැ.

    ඇරිස්ටොල් පඩිවරයාට අනුව වස්තු දෙකක් සමාන උසකින් අතහැරියහොත් ඉක්මනට බිමට වැටෙන්නේ වඩා බර වස්තුවයි.

    එහෙත් ගැලිලියෝට අනුව වස්තු දෙකක් සමාන උසකින් අතහැරියහොත් ඒ දෙකම එකම වෙලාවේ බිමට පතිත වේ.

    ඇරිස්ටොල්ගේ මතය යකඩ කැබැල්ලක් හා පුලුන් කැබැල්ලක් මගින් ඔප්පු කර පෙන්විය හැකිය.

    ගැලිලියෝගේ මතය යකඩ කැබැල්ලක් හා ගඩොලක් මගින් ඔහු කලාක් මෙන් පිසා කුලුණට නැග උවද ඔප්පු කර පෙන්විය හැකිය.
    ඇරිස්ටොල්ගේ මතය එක් විශේෂ අවස්තාවකට සතය වුවද තවත් අවස්තාවකට අසතයකි.
    දැනට පිලිගැනෙන ගැලිලියෝගේ මතය අසතය අවස්තාද පැවතිය හැක.
    මෙහිදි සිදු වි ඇත්තේ අවස්තා කිහිපයක් සදහා සතය බව පෙන්නා, එ නයින් සියලු අවස්තාවලට සතය බව උපකල්පනය කිරිමයි.(උසස් පෙළ සංයුක්‍ත ගණිතයේදි දි මාද මෙය සිය දහස් වාරයක් කරන්නට ඇත)

    http://www.kalaya.org/files/v037.pdf

    ReplyDelete

හිතෙන දේ ලියන්න.යුනිකොඩ් එසැණින් පරිවර්ථකය.